කළුතරට පැය 12ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

by Staff writer 08-05-2019 | 6:25 AM
COLOMBO (News 1st) : කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8.00 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12 හමාරක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි කලාපයේ විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙනි. ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව, වාද්දුව, වස්කඩුව, කළුතර දකුණ සහ උතුර, කටුකුරුන්ද, පයාගල, පිලමිනාවත්ත බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය, බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.