COLOMBO (News 1st) : ආරක්ෂිත උපකරණ ආනයනය මත අයකරන බදු සියල්ල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙම තීරණය අද සිට ක්‍රියාත්මක බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ය.
අප්‍රෙල් 21 වන දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සලකා සහන රැසක් ලබාදීමට ඊයේ කැබිනට් මණ්ඩය තීරණය කළේ ය.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා..
"මේ වගේ සිදුවීමක් වුනාම පැමිණෙන ගණන අඩුවෙනවා හෝටල්වලට එන සංචාරකයින් අඩුවෙනවා. එකේ බලපෑම් එතකොට ආර්ථිකයේ අනික් ක්ෂෙත්‍රවලටත් යනවා. විශාල පරිමාණයේ ඉදලා කුඩා පරිමාණයටම බලපානවා ඒ නිසි අපි තීරණයක් ගත්තා මේ ණය ගෙවීම්වලට සහන කාලයක් ලබාදෙන්න. අපි ඒ ණය ගෙවීමේ සහන කාලය 2020 මාර්තු මාසේ 31 වෙනිදා වෙනකම් දිගු කරලා තියෙනවා. මේ ව්‍යාපාරයෙන් ඉන්න අය සඳහා අපි තව ණයක් කාරක ප්‍රාග්ධනය සඳහා එකත් ඒ අයට ලබාගන්න පුළුවන් අවුරුදු දෙකක කාලයක් වෙනකම් ගෙවන්න අවශ්‍ය නෑ. ඒ වගේම 75% ක පොලි සහනාධාරයකුත් අපි එකට ලබාදෙනවා. ඊට පස්සේ අපි තව වැදගත් දෙයක් කරලා තියෙනවා වී ඒ ටී එක එකතු කළ අගය පිළිබඳ බද්ද එක අපි අඩුකරලා තියෙනවා 5 % දක්වා"