කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

කර්තෘ Staff writer

08 May, 2019 | 6:25 am

COLOMBO (News 1st) : කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8.00 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12 හමාරක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි කලාපයේ විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙනි.

ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව, වාද්දුව, වස්කඩුව, කළුතර දකුණ සහ උතුර, කටුකුරුන්ද, පයාගල, පිලමිනාවත්ත බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය, බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]