මීගමුවේ නිවසක් වටලයි: සැකකරුවෙකු අත්අඩංගුවට

සන්නිවේදන ජාල අවහිර කළ හැකි උපකරණ සමග සැකකරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට

by Staff writer 07-05-2019 | 5:56 PM
COLOMBO (News 1st) - මීගමුව ලාසර්ස් පාරේ නිවසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය අද වටලනු ලැබී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, දුරකතන මාර්ග සහ සන්නිවේදන ජාලයන්ට බාධා කළ හැකි උපකරණ 8ක් සිය භාරයට ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.