ඉපලෝගමින් හමුදා ඇඳුමට සමාන ඇඳුම් හමුවෙයි

විදුලි ඩෙටනේටර් ඇතුළු තහනම් භාණ්ඩ රැසකුත් පොලිස් භාරයට

by Staff writer 07-05-2019 | 12:42 PM
COLOMO (News 1st) : අනුරාධපුරය, ඉපලෝගම අක්කර 100 සේනපුර ප්‍රදේශයේදී යුද හමුදා නිල අඳුමට සමාන ඇඳුම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු ඇඳුම් මසන ස්ථානයක් පවත්වා ගෙන ගිය අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඉපලෝගම ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකින් විදුලි ඩෙටනේටර් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලීසිය භාරයට ගත් භාණ්ඩ අතර විදුලි ඩෙටනේටර් 145 ක් , ඩයනමයිට් 243 ක් , වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 12 ක් හා ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝග්‍රෑම් 36 කට අධික ප්‍රමාණයක් ද වේ. සැකකරු කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. නාවලපිටිය , හපුගස්තලාව අක්කර 10 ප්‍රෙද්ශයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. එහිදී පොලීසිය විසින් උණ්ඩ හා පිහි 03 ක් සොයා ගනු ලැබ තිබේ. අදාළ භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. https://www.youtube.com/watch?v=N_vd_WJ6epY