පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උණුසුම් තත්ත්වයක්

ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා පැවැත්වූ රැස්වීමක් නිසා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උණුසුම් තත්ත්වයක්

by Staff writer 07-05-2019 | 9:54 PM
COLOMBO (News 1st) - මොණරාගල, බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරීයා පැවත්වූ රැස්වීමක් හේතුවෙනි. අද පෙරවරුවේ පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරක් අහමඩීන් මහතා එහි සේවය කරන මුස්ලිම් ජාතිකයින් වෙනම ශාලාවකට කැඳවා රැස්වීමක් පවත්වා තිබිණි. මේ පිළිබඳව දැනගත් සමාගමේ අනෙකුත් සේවකයින් පැමිණ අදාළ ශාලාව වට කරමින් විරෝධය පළ කර තිබේ. එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට බුත්තල පොලීසිය පැමිණය ද එය ප්‍රමාණවත් නොවීම තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ද කැඳවීමට සිදු විය. යුද හමුදාව මැදිහත්වී අදාළ මුස්ලිම් ජාතික සේවකයින් පිරිස හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා එම ස්ථානයෙන් මුදාගෙන ආරක්ෂා සහිතව රැගෙන යාමට කටයුතු කළේ ය. මේ අතර අදාළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ රියැදුරු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තේ ය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඟවා තිබූ භාණ්ඩ රැසක් සොයා ගැනීමට යුද හමුදාව සමත් විය. එහි තිබී ඇමති ආරක්ෂක ඇඳුම් 5ක් සන්නිවේදන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගැනිණි. පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරක් අහමඩීන් මහතාගෙන් ද මේ වන විට පොලීසිය ප්‍රකාශයක් ලබා ගනිමින් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.