නව නීතිපති ලෙස දප්පුල ද ලිවේරා පත් කිරීමට අනුමැතිය

නව නීතිපතිවරයා ලෙස දප්පුල ද ලිවේරා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

by Staff writer 07-05-2019 | 5:46 PM
COLOMBO (News 1st) - නව නීතිපතිවරයා ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදී ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය ජනාධිපතිතුමා වෙත දැනුම් දීමට නියමිතව තිබේ.