මොහොමඩ් ෆවාස්  21 තෙක් රිමාන්ඩ් 

ජාතික තවුහිත් ජමාත්හි කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

by Staff writer 07-05-2019 | 11:48 AM
COLOMBO (News 1st) : තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා යැයි පැවසෙන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නමැත්තා යළි ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරු අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන්නැයි ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේ ය.