ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට - වැඩබලන පොලිස්පති

ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට - වැඩබලන පොලිස්පති

by Staff writer 07-05-2019 | 5:09 PM
COLOMBO (News 1st) - පසුගිය 21 වන දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු අඩාල වූ ජන ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. ඉස්ලාම් භක්තිකයින්ගේ දේවස්ථාන තුළ සාමාන්‍ය පරිදි ආගමික කටයුතු සිදු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල කතෝලික දේවස්ථාන තුළ ද ආගමික කටයුතු සිදු වන බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙකු සියදිවි හානි කර ගත් බවත් අදාළ ත්‍රස්ත කණ්ඩායමේ සිටි බෝම්බ සම්බන්ධ විශේෂඥයින් දෙදෙනා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ ය.