මත්ද්‍රව්‍ය ගෙනා ලාංකිකයා කටුනායකදී කොටු

කිලෝ 3කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී පොලිස් භාරයට

by Staff writer 07-05-2019 | 9:25 AM
COLOMBO (News 1st) : අයිස් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි. ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති මෙම සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 901කි. සැකකරු 68 හැවිරිදි මාබෝල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින 7ක රැඳවුම් නියෝග ගබා ගැනීමට පියවර ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළේ ය.