නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

07 May, 2019 | 10:48 am

COLOMBO (News 1st) : නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 12 දෙනෙකු ත්‍රිකුණාමලය සහ චෙම්මාලෙයි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ධීවර කටයුතු සඳහා තහනම් කරන ලද බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාත්‍රී මුර සංචාරයක් අතරතුරයි.

අත්අඩංගුවට ගත් ධීවරයින්, අවුරුදු 18 ත් 43 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැළක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දුන් බවයි.

මේ අතර, චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ නීති විරෝධී දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඔවුන්, මදුරන්කුලිය, මිගමුව සහ පල්ලිපාසල්වාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් සහ ධීවර ආම්පන්න මුලතව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදුන් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]