by Staff writer 06-05-2019 | 4:22 PM
COLOMBO (News 1st) - රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට සහ අනිද්දා එම විවාදය පැවැත්වෙනු ඇති.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ පක්ෂ නායකයින්ගේ හා කාතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මේ අතර ආරක්ෂිත හේතු මත වසා දමා ඇති පාර්ලිමේන්තු මහජන ගැලරිය හෙට සිට යළි විවෘත කිරීමට ද අද තීරණය කෙරුණි.