අත්අඩංගුවට පත් ත්‍රස්තයින්ගේ වත්කම් මෙන්න...

පාස්කු දින ප්‍රහාරයේ ත්‍රස්තයින් සතුව රු. ලක්ෂ 1400 ක මුදලක් හා බිලියන 07 ක වත්කම් ඇති බවට හෙළිවෙයි

by Staff writer 06-05-2019 | 6:08 PM

COLOMBO (News 1st) -  අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම සතු රුපියල් ලක්ෂ 1400 කට අධික මුදලක් හා රුපියල් බිලියන 07 කට අධික වත්කම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කර ගෙන තිබේ.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එම වත්කම් තහනම් කිරීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 73 දෙනෙකුගෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කර ගෙන යන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.