කොළඹ පාසල් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක්

හෙට පාසල් විවෘත වන්නේ, 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට පමණයි

by Staff writer 05-05-2019 | 10:03 AM
COLOMBO (News1st) : කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව අද විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඔහු ජනතාවට දැනුම් දෙන්නේ, අද පස්වරු 1.00 න් පසු පාසල් අසල වාහන නැවතීමෙන් ද වළකින ලෙසයි. කොළඹ නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන හඳුන්වා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි. මේ අතර ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙවන පාසල් වාරය සඳහා පාසල් හෙට විවෘත වන්නේ 6 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් බවයි. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ මැයි මස 13 වැනි සඳුදා බව ද එම නිවේදනයේ සඳහන් ය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ගෙන යන විශේෂ ආරක්ෂක සැලසුම අනුව මෙය ක්‍රියාවට නංවන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.