මීගමුව පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 05-05-2019 | 8:25 PM

COLOMBO (News 1st) - මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් වන්නේ, මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දෝලුගම, සීදුව දුංගල්පිටිය, කටාන යන පොලිස් වසම් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.