කාත්තන්කුඩි ප්‍රදේශයෙන් තියුණු ආයුධ 234 සොයාගනී

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් තියුණු ආයුධ 234 සොයාගනී

by Staff writer 05-05-2019 | 3:53 PM

COLOMBO (News 1st) - කාත්තන්කුඩි ඩීන් පාර ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී පිහි ඇතුළු තියුණු ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ එම ප්‍රදේශය වටලා කළ සෝදිසියකදී එම ආයුධ සොයා ගත් බවයි. එහි තිබී පිහි ඇතුළු තියුණු ආයුධ 234 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. ආයුධ තොගය ගෝනියක බහා ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකවේ.