සොරකම් කළ වෑන් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සොරකම් කළ වෑන් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සොරකම් කළ වෑන් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 May, 2019 | 3:38 pm

COLOMBO (News 1st) – සොරකම් කරන ලද වෑන් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 03 වැනි දා දෙහිවල පොලිස් වසමේදී ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ සොරකම් කරන ලද තව ත් වෑන් රථයක් ද සමගිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 29 වයස්වන පසුවන පිළියන්දල පදිංචිකරුවන් ය.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]