පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගුවන් හමුදාවෙත් සහය

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගුවන් හමුදාවෙත් සහය

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගුවන් හමුදාවෙත් සහය

කර්තෘ Staff writer

05 May, 2019 | 4:53 pm

COLOMBO (News 1st) – අප්‍රේල් නිවාඩුවෙන් පසුව නව පාසල් වාරය හෙටින් ඇරඹුන ද පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.

අද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ගුවන් හමුදාව ද පාසල්වල ආරක්ෂාව සැපයීමට ඉදිරිපත්ව සිටින බව පැවසුවේය.

දිවයිනේ සියලුම පාසල් කොට්ඨාස 21 කට බෙදා ඇති අතර ඉන් ප්‍රධාන කොට්ඨාස තුනක හා උපකොට්ඨාසයක පාසල්වල ආරක්ෂාවට ගුවන් හමුදාව එක්වීමට නියමිතවේ.

ප්‍රධාන කොට්ඨාස ලෙස සැලකෙන කොළඹ පාසල් 19 කටත්, රත්මලාන පාසල් 102 කට හා කටුනායක පාසල් 129ක් හා උපකොට්ඨාසයක් ලෙස සැලකෙන පාලවී හී පාසල් 7 ක් වෙත ගුවන් හමුදාවේ ආරක්ෂාව සැලසෙනු ඇත.

6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් හෙට පාසල් විවෘතවීමට නියමිතවේ.

මෙම මාධ්‍ය හමුවට සහභාගීවෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, අද දිනයේ පාසල්වල පුළුල් ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර හෙට දිනයේත් එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]