by Staff writer 04-05-2019 | 9:36 PM
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම්ගේ මස්සිනා බව කියන මව්ලව් රිලා ශාන්නවාජ් නමැති පුද්ගලයෙකු සෞදි අරාබියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත අද වාර්තා කළේ ය.
මෙරට අයි.එස්. ත්‍රස්තවාදීන්, කේරළ ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතාවක් ඇතිදැයි සොයා බැලීම සඳහා ඉන්දීය නියෝජිත ආයතනය සවුදි බලධාරීන් සමග එක්ව කටයුතු කරන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.