"සමාජ මාධ්‍යවල පළ වන තොරතුරු විශ්වාස කරන්න එපා"

සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වන තොරතුරු පිළිබඳව කලබල වෙන්න එපා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 04-05-2019 | 7:31 PM
COLOMBO (News 1st) - ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට මේ වන විට විවිධ වාර්තා පළ වෙමින් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ලැබෙන මූලික තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සඳහා වෙනත් අංශවලට යොමු කිරීමේදී අදාළ තොරතුරු සමාජ මාධ්‍ය හරහා සංසරණය වී ඇති බව ය. සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වන එවැනි තොරතුරු පිළිබඳව විශ්වාස නොකරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මහජනතාව දැනුවත් කළ යුතු දෙයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම දැනුවත් කිරීමට පියවර ගන්නා බව ය.