වෙසක් උත්සවයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

by Staff writer 04-05-2019 | 1:01 PM

COLOMBO (News 1st) - වෙසක් උත්සවයට සමගාමීව ලබන 15 වැනි දා සිට දිවයිනේ සියලු විහාරස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, වෙසක් දිනවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් උපදෙස් පත්‍රිකාවක් ද ඉදිරියේදී විහාරස්ථාන වෙත ලබාදෙන බවයි. මේ අතර මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සැමරුම් සංවිධානය කිරීමේදී සරල ආකාරයෙන් එය පැවැත්වීමට කටයුතු කරන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.