C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලිස් භාරයට

මන්නාරම ප්‍රදේශයෙන් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලීසිය භාරයට

by Staff writer 04-05-2019 | 9:30 AM

COLOMBO (News 1st) - මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ වැටලීමකින් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, එහිදී කාල විරාම පරිපථ 6 ක් ද සිය භාරයට ගත් බවයි. පුපුරණ ද්‍රව්‍ය තොගය හා කාල විරාම පරිපථ තොගය කිලිනොච්චි කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් විනාශ කිරීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.