පාසල් ආරම්භ කිරීමේ දිනයේ සංශෝධනයක්

පාසල් ආරම්භ කිරීමේ දිනයේ සංශෝධනයක්

by Staff writer 04-05-2019 | 8:01 PM
COLOMBO (News 1st) - දෙවන පාසල් වාරය සඳහා අනිද්දා පාසල් විවෘත වන්නේ 6 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා පමණක් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වන්නේ මැයි මස 13 වන සඳුදා බව ය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති විශේෂ ආරක්ෂක සැලසුමට අනුව මෙය ක්‍රියාවට නංවන බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.