වීසා නැතිව රැඳී සිටි ඉන්දියානුවන් 6 ක් අත්අඩංගුවට

නීති විරෝධිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 04-05-2019 | 9:48 AM

COLOMBO (News 1st) - නුවරඑළිය සහ කොටහේනේදී නීති විරෝධිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, නුවරඑළිය තැපැල්හල ආසන්නයේදී වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එසේම කොටහේන ප්‍රදේශයේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.