කඩු, කිනිසි, උල්පිහි ඇත්නම් ළඟම පොලීසියට භාර දෙන්න

කඩු, කිනිසි, උල් පිහි, හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් ළඟම පොලීසියට භාර දෙන්න

by Staff writer 04-05-2019 | 3:22 PM
COLOMBO (News 1st) - කඩු, කිනිසි, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් අද සහ හෙට දිනයේ ළඟම තිබෙන පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නීත්‍යානුකූලව හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි ආදිය සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බව ය.