අල් මුස්තාෆා සරසවිය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්

ඉරානයේ අල් මුස්තාෆා විශ්වවිද්‍යාලය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්

by Staff writer 04-05-2019 | 10:33 PM
COLOMBO (News 1st) - ඉරානයේ අල් මුස්තාෆා නමැති විශ්වවිද්‍යාලයක් ඌව පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව පළාතේ පාසල්වල ක්‍රියාත්මක වන බව ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් මහතා පවසයි. අරාබි භාෂාව, කුරාණය, ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් ඒ යටතේ උගන්වන බව තමන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.