by Staff writer 04-05-2019 | 11:23 AM
COLOMBO (News 1st) - සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඒ, විශ්වවිද්‍යාලවල පාලන අධිකාරිය රැස්ව ගත් තීරණයකට අනුවයි.
නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විමසීමක් කළේ ය.
එහි සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා සඳහන් කළේ, ආරක්ෂාව තහවුරු කළ බවට ආරක්ෂක අමාත්‍යාංශය සහතික කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර සියලු විශ්වවිද්‍යාලවල තවදුරටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.