ධීවරයින්ට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් !

අද පස්වරුව දක්වා ධීවර හා නාවික කටයුතුවලින් වලකින්නැයි උපදෙස්

by Staff writer 04-05-2019 | 7:37 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට උතුරු සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ අද සවස් කාලය වන තෙක් ධීවර හා නාවික කටයුතුවලින් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම දෙපර්තමේන්තුව සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100 -120 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි. පැයට කිලෝමීටර් 160 ක් දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70 ක ප්‍රහාරාත්මක තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවයි.