ඉන්දියාවට බල පෑ ‘ෆොනී’ සුළි කුණාටුවෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළට

ඉන්දියාවට බල පෑ ‘ෆොනී’ සුළි කුණාටුවෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළට

ඉන්දියාවට බල පෑ ‘ෆොනී’ සුළි කුණාටුවෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළට

කර්තෘ Staff writer

04 May, 2019 | 7:57 am

News 1st – ඉන්දියාවට බලපා ඇති ෆොනී සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔරිස්සා ප්‍රාන්ත වැසියන් 8 දෙනකු මෙලෙස මියගොස් ඇති බවයි.

මේවන විට පැයට කිලෝමීටර් 90 ක වේගයෙන් හමා යන ෆොනී සුළි කුණාටුව අද අලුයම බටහිර බෙංගාලයට ඇතුළු විය.

ඉන්දිය ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ, ඇදහැලෙන අධික වැසි හේතුවෙන් අවතැන් වී ඇති පුද්ගලයින් ලක්ෂ 11 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණය තත්ත්වය මත ඊයේ පස්වරු 3.00 ට තාවකාලිකව වසා දැමු කල්කටා ගුවන්තොටුපොළ අද පෙරවරු 8.00 ට යළි විවෘත කිරීමට නියමිතයි.

අද ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 147 ක් අවංලගු කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ක්‍රමක්‍රමයෙන් සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩුවනු ඇති බව එරට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]