ඩෙංගු අවදානම යළි ඉහළට

මෝසම් වාර්ෂාවත් සමග ඩෙංගු අවදානම යළි ඉහළට

by Staff writer 03-05-2019 | 7:31 AM

COLOMBO (News 1st) - මෝසම් වර්ෂාවත් සමග දිවයිනේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවය. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව හා වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 -150 ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.