සා/පෙළ අයැදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

මෙවර සා/පෙළ විභාගයට අයැදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

by Staff writer 03-05-2019 | 12:16 PM

COLOMBO (News 1st) - 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 31 වැනි දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බවයි. පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතුයි. පෞද්ගලික අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ඒ සඳහා අයැදුම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍ර‍කාශ කළේ ය.