මුම්බායි ඉන්ඩියන්ස් පිළට තව ත් ජයක්

මුම්බායි ඉන්ඩියන්ස් IPL දෙවනවටයේ ස්ථානය තහවුරු කරගනී

by Staff writer 03-05-2019 | 1:56 PM

News 1st - අයි.පී.එල් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජය ගෙන තිබේ.

මුම්බායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 162 ක් රැස් කළේ ය. නායක රෝහිත් ශර්මා ලකුණු 24 යි. සූර්යකුමාර් යාදේව් ලකුණු 23 ක් රැස් කළේ ය. එවින් ලුවිස්ට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි. හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 18 ක් රැස් කළේ ය. කිරන් පොලාර්ඩ් ලකුණු 10 යි. ක්වින්ටන් ඩී කොක් ලකුණු 69ක් රැස් කර ඇත. ඛලීල් අහමඩ් ලකුණු 42ට කඩුලු 3ක් දවා ගෙන තිබේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ව්රිද්දිමාන් සාහා ලකුණු 25 යි. මාටින් ගප්ටිල් ලකුණු 25ක් රැස් කළේ ය. නායක කේන් විලියම්සන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි. විජේ ශංකර් ලකුණු 12 කට දැවී ගිය අතර මොහොමඩ් නබී ලකුණු 31 ක් රැස් කළේ ය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මනීෂ් පාන්ඩේ ලකුණු 71 ක් රැස් කළේ ය. පන්දු 47කින් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ, 4 පහර 8 ක් සහ 6 පහර 2ක් ද සමගිනි. නියමිත පන්දුවාර 20 අවසන් වන විට සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කරමින් සමතත්ත්වයේ පසු විණි. ඒ අනුව ජයග්‍රාහකයන් තීරණය කළේ, සුපිරි පන්දුවාරයක් ලබා දෙමිනි. එහිදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ලකුණු 9 ක් රැස් කළ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 8 ක් පමණි. ඒ අනුව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට තරගයේ ජය හිමි විය. ඔවුන් මේ වන විට තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර දෙවැනි වටය සඳහා සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය.