මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට

මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට

by Staff writer 03-05-2019 | 7:19 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඊයේ රාත්‍රී 10.00 පමණ මෙම පරීක්ෂාව සිදු කෙරුණේ, යුද හමුදාව සහ මහරගම පොලීසියේ නිලධාරීන් විසිනි. එහිදී අදාළ නිවසේ තිබි යුද හමුදා ඇඳුමට සමාන රෙදි තොගයක් හමුව තිබේ. ආදළ රෙදි තොගය කිලෝග්‍රෑම් නමයකය ආසනය. සැකපිට නිවසෙහි හිමිකරුව අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු මහරගම ප්‍රදේශයේ රෙදි වෙළෙඳාම් කරන පුද්ගලයෙකු බවයි.