ප්‍රහාරවලට එරෙහිව මුස්ලිම් ජනතාවගෙන් විරෝධතා

පාස්කු ඉරිදා ප්‍රහාරවලට එරෙහිව මුස්ලිම් ජනතාවගෙන් විරෝධතා

by Staff writer 03-05-2019 | 10:25 PM
COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයින්ට හා අදාළ සංවිධානවලට එරෙහිව මුස්ලිම් ජනතාව අද විරෝධතාවල නිරත විය. නාවලපිටිය නගර මධ්‍යයේ ජුම්මා පල්ලිය ඉදිරිපිටට රැස් වූ මුස්ලිම් ජනතාව අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර කළුතර කටුකුරුන්ද මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ද සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. සියලු දෙනා සමගියෙන් කටයුතු කළ යුතු බව ඔලුවිල් ජුම්මා පල්ලිය ඉදිරිපිටට රැස්වූ මුස්ලිම් ජනතාව සඳහන් කළේ ය.