ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-05-2019 | 6:09 AM
දේශීය පුවත් 1. බැටික්ලෝ කැම්පස් සඳහා මුදල් යෙදවූයේ කවුද.?: බැටික්ලෝ කැම්පස් නමින් මඩකළපුව, පුනානිහි ඉදිකර ඇති විශ්වවිද්‍යාලය පිළිබඳව මේ වනවිට රට තුළ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වේ. 2. පාස්කු ඉරිදා ත්‍රස්තයින්ට හා සමීපතමයින්ට මෙතරම් මුදල් තොග ලැබුණේ කොහෙන් ද?: පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්වාදීන් සහ ඔහුන්ගේ සමීපතමයින් සතුව විශාල මුදල් තොගයක් පැවත ඇති බව පසුගිය දිනවල සිදු කළ පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. එහිදි ප්‍රදේශ කිහිපයකදී හමු වූ මුදල් රුපියල් 5000 නෝට්ටුවලින් පැවතිම විශේෂත්වයකි. 3. ලංකාවට පැමිණි තුර්කි ත්‍රස්තවාදීන් 50 සම්බන්ධ පරීක්ෂණවලට මැදිහත් වූ මුස්ලිම් දේශපාලනඥයින් කවු ද?: 2015 වසරේ සිට තුර්කි ජාතික ත්‍රස්ථවාදී සංවිධානයක් වෙන ෆෙටෝ සමාජිකයින් 50 දෙනෙකු මෙරටට අතුල්වී සිටින බවට තුර්කි තනාපතිවරයා මෙරට ආරක්ෂක බලධාරීන් දැනුවත් කර ඇති බව පුවත්පතක් වාර්තා කර තිබිණි. 4. ලබන ඉරුදින පූජාව නොපවත්වන්නැයි, කොළඹ දේවස්ථාන වෙත දැනුම්දීමක්: ලබන 5 වන දා ඉරුදින පූජාව නොපවත්වන ලෙස කොළඹ දේවස්ථාන වෙත දැනුම්දීමක් සිදු කර තිබේ. 5. මරාගෙන මැරණු ත්‍රස්තයින් හඳුනා ගැනීමට DNA වාර්තා කැඳවයි: කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරවා හැරි ත්‍රස්තවාදියා නිශ්චිතව හඳුනාගැනීම සඳහා ඔහුගේ දියණියගේ රුධිර සම්පල් ලබාගෙන ඩි.එන්.ඒ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ ය. විදෙස් පුවත් 6. විකිලික්ස් සමනිර්මාතෘට සති 50 ක සිර දඬුවමක්: විකිලික්ස් සමනිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට සති 50 සිර දඬුවමක් පැනවීමට ලන්ඩන් නුවර අධිකරණය තීරණය කර තිබේ.