කටුගස්තොටදී වාහනයකින් ආයුධ තොගයක් සොයා ගැනේ

කටුගස්තොටදී සුඛෝපභෝගී වාහනයකින් ආයුධ තොගයක් සොයා ගැනේ

by Staff writer 03-05-2019 | 5:00 PM
COLOMBO (News 1st) - කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එහි තිබී චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක්, උණ්ඩ 7ක් සහ වායු පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව ය. ඔවුන්ට මෙම ආයුධ ලබා දුන් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.