වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-05-2019 | 10:02 AM

COLOMBO (News 1st) - ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටී නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. 31 සහ 26 හැවිරිදි සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද 25 සහ 24 හැවිරිදි පාකිස්ථාන් හා බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වීසා නොමැතිව මෙරට රැඳි සිටීම හේතුවෙනි. ඔවුන් අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.