English
தமிழ்
කර්තෘ Staff writer
03 May, 2019 | 7:46 am
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දශක දෙකකට පසුව ඉන්දියාවට බලපාන ප්‍රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බවයි.
කාලගුණ අනාවැකිවලට අනුව පැයට කිලෝමීටර් 170 – 180 ත් අතර වේගයකින් සුළි කුණාටුව හමා යනු ඇති බවත් ඇතැම් විට එහි අගය පැයට කිලෝමීටර් 200 ක් දක්වා ඉහළ යා හැකි බවත් සඳහන් ය.
සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 8 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව ඉන්දීය බලධාරීන් සඳහන් කරති.
ඉන් ඔරිස්සා ප්‍රාන්තයට මෙන්ම තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ ඇතුළු අසල්වැසි ප්‍රාන්තවලට ද දැඩි හානි සිදුවනු ඇති බවට මේ වන විටත් අනාවැකි පළ කර තිබේ.
මේ හේතුවෙන් කල්කටා ගුවන්තොටුපොළ අද පෙරවරු 9.30 සිට හෙට උදැසන 6.00 දක්වා තාවකාලිකව වසා දැමීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට අමතරව දුම්රිය ගමන් වාර 200 ක් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන වරාය දෙකක මෙහෙයුම් නතර කිරීමට ද ඉන්දීය බලධාරින් පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයක් ද තාවකාලිකව අත්හිටුවීමට එරට දේශපාලන පක්ෂ කිහිපයක් පියවර ගෙන තිබේ.
28 Nov, 2019 | 06:23 AM
05 Nov, 2019 | 08:47 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS