ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් ජනපතිට

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් ජනපතිට

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් ජනපතිට

කර්තෘ Staff writer

03 May, 2019 | 10:35 pm

COLOMBO (News 1st) – වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාර දී තිබේ.

හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කර ඇති මෙම වාර්තාව ජනාධිපතිතුමාට අද පස්වරුවේ භාර දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]