NTJ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ්

by Staff writer 02-05-2019 | 1:30 PM

COLOMBO (News 1st) - තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා යැයි කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නමැත්තා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන්නැයි ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේ ය.