මහනුවර පාසල් ඇරඹීමට තව ත් සති දෙකක් අවශ්‍යයි - විදුහල්පතිවරු ආණ්ඩුකාරවරයාට දන්වයි

by Staff writer 02-05-2019 | 12:14 PM

COLOMBO (News 1st) - මහනුවර නගරයේ පාසල්වල විදුහල්පතිවරු හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක් ඊයේ මහනුවරදී පැවැත්විය.

මහනුවර හා ඒ අවට සියලුම පාසල්වල විදුහල්පතිවරුන් කැඳවූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කළේ ය. විදුහල්පතිවරයෙක්,
අපිට දැන් තියන ප්‍රශ්නේ තමයි මේ ළමයි අතර ගැටලු ඇති වෙයිද කියලා පොඩි සැකයක් තියනවා ඒ නිසා මම පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව පළමු සති දෙකට ඉල්ලා සිටිනවා. ආරක්ෂාව දෙන්න කියලා
විදුහල්පතිනියක්,
ඔබතුමාගෙන් කාරුණිව ඉල්ලා සිටින්නේ, ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කර පරිදි අපිට තව සතියක්වත්, ඒ කියන්නේ අපිට ආරක්ෂක කටයුතුවලට තව අවස්ථාව දෙන්න. අපේ නිවෙස්තියන පැතිවල තාම සර්ච් එකක් වෙලා නෑ. අපි දොස් කියන්නේ නෑ ආරක්ෂක සංවිධානවලට ඒ ගොල්ලන් ඒ තරම් කාර්්‍යබහුලයි. ඉතින් අපේ පාසල් ටික හරියට සර්ච් වෙනකන් තව සතියක්වත් පමා කරන්න අපේ පාසල් ආරම්භය.
මෙම සාකච්ඡාවට ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද එක්ව සිටි අතර විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුකාරවරයා මෙලෙස අදහස් පළ කළේ ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මෛත්‍රී ගුණරත්න,
සමස්තයක් හැටියට විදුහල්පතිවරු සියලුම දෙනා කියන්නේ, මේ පාසල්ටික විවෘත කරන එක තව සති දෙකකින්වත් කල් දාන්න කියලා. අනිත් එක මේක ඉස්සර තිබ්බ එල්.ටී.ටී.යි ය ත්‍රස්තවාදය වගේ නෙමෙයි, මේ ත්‍රස්තවාදයේ කිසිම පරමාර්ථයක් නෑ, ඉතින් ඒක නිසා මේක සමස්ත ජන ප්‍රජාවට විරුද්දව, නැගී සිටින ත්‍රස්තවාදයක්. මේක ගැන තාම රජයවත් ලෑස්ති නෑ. මගේ බලාපොරොත්තුව හෙට ජනාධිපතිතුමා මුණ ගැහුණම, මේක තව සති දෙකකටවත් කල් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මධ්‍යම පළාතේ හා මේ රටේ දරුවන් අපි සුරක්ෂිත භාවයෙන් අපි තියා ගන්න ඕනා. ඒගොල්ලොන්ගේ සුරක්ෂිතභාවය අපි පරදුවට තියන්න බෑ.