by Staff writer 02-05-2019 | 9:10 PM
COLOMBO (News 1st) : කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරවා හැරි ත්‍රස්තවාදියා නිශ්චිතව හදුනා ගැනීම සදහා ඔහුගේ දියණියගේ රුධිර සම්පල් ලබාගෙන ඩි.එන්.ඒ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ ය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරවා හැරි ත්‍රස්තවාදියා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඔහුගේ දියණියගේ රුධිර සම්පල් ලබාගෙන DNA වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, පසුගිය 21 වනදා උදෑසන කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අජාම් මොහොමඩ් මුබාරක් නමැත්තාගේ දියණියගේ රුධිර සාම්පල ලබා ගැනීමට සහ DNA වාර්තාවක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
එම විමර්ශනවල ප්‍රගතිය ලබන ජුනි 12 වන දා වාර්තා කරන ලෙසට ද මහේස්ත්‍රත්වරයා නියෝග කළේ ය.
මේ අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉක්බාල් අහමඩ් නමැත්තාගේ මවගේ රුධිර සම්පල් ලබාගෙන DNA වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී කරනු ලැබී ය.