මධුෂ් මෙරටට පිටුවහල් කරයි ද?

මධුෂ් මෙරටට පිටුවහල් කරයි ද? පෙත්සමේ තීන්දුව අද

by Staff writer 02-05-2019 | 10:00 AM

COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් තමාව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි නිකුත් කළ නියෝගයට එරෙහිව ගොනුකළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

පසුගිය 18 වැනි දා අදාළ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ ඩුබායි අධිකරණය පැවසුවේ, අද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි පැවසෙන්නේ තමාට ජීවිත තර්ජන ඇති බව සහ තව ත් කරුණු කිහිපයක් දක්වමිනි. ඔහු සමග අත්අඩංගුවට පත්වූවන් අතරින් 30 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත. ඒ අතරින් මාකඳුරේ මධුෂ්ගේ සහාකයෙකු වන කංජිපානී ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි. තව ත් කිහිපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.