කොළඹ බලා ගිය දුම්රියක් පානදුරේදී විශේෂ පරීක්ෂාවකට

බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් පානදුරේදී විශේෂ පරීක්ෂාවකට

by Staff writer 02-05-2019 | 8:05 AM

COLOMBO (News 1st) - බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානයේ හදිසියේ නතර කර තිබේ.

ඒ, දුම්රියේ සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි. මේ වන විට දුම්රිය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බව ද පාලක මැදිරිය පවසයි.