ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්

දිවයිනේ ඉදිරි ආරක්ෂක කටයුතුවලට භටයින් 20,000 ක් අනුයුක්ත කිරීමේ සුදානමක්

by Staff writer 02-05-2019 | 7:02 AM

COLOMBO (News 1st) - දිවයිනේ ඉදිරි ආරක්ෂක කටයුතු වෙනුවෙන් සිය භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට සූදානම් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂාවට ඔවුන් යොදවන බවයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් සංඛ්‍යාව 35,000 කි. මේ වන විට ඉන් 4,000 ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරීවල නිරතවනු ඇති.