පොලීසිය, STF හා යුද හමුදාව එක්ව අද ත් මෙහෙයුම්

දර්ගා නගරයේ හා වත්තේගම සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 13ක් අත්අඩංගුවට

by Staff writer 02-05-2019 | 3:56 PM
COLOMBO (News 1st) : පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව අලුත්ගම දර්ගා නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලියාපදිංචි සහතික නොමැති යතුරුපැදි දෙකක් ද එම මෙහෙයුමේදී සොයාගත් බවයි. මේ අතර  යුද හමුදාව සහ පොලීසිය එක්ව මහනුවර, වත්තේගම මඩවලවත්ත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, නිවසක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක්, සුරක්ෂිත ලෙස සඟවා තිබූ පිහි 10 ක්, කැමරාවක්, වීඩියෝ පට කිහිපයක් ද සිය භාරයට ගත් බවයි. මේ අතර නිට්ටඹුව තිහාරිය පොලිස් බල ප්‍රදේශයේ ද අද උදෑසන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ.