ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ගැන සමීක්ෂණයක්

ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් පිළිබඳ සමීක්ෂණයක්

by Staff writer 02-05-2019 | 6:46 AM

COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල විස්තර ඇතුළත් සමීක්ෂණ වාර්තාවක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා පැවසුවේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එම සමීක්ෂණය ආරම්භ කළ බවයි. මීගමුව - කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට අවසන් කර ඇත. පිපිරීම් සිදු වූ අනෙකුත් ස්ථානවල දත්ත රැස්කිරීම සිදුවන බව ද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා සඳහන් කළේ ය.