ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-05-2019 | 6:07 AM

දේශීය පුවත්

1. මෙරට වෙසෙන සෞදි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්: ශ්‍රී ලංකාවේ වෙසෙන සෞදි ජාතිකයින්ට මෙරටින් පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය දැනුම් දී තිබේ. 2. ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන්නැයි ජනපතිගෙන් උපදෙස්: ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන ලෙස ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. 3. මෙරිලිබෝන් ක්‍රිකට් සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි: හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වී ඇතැයි වාර්තා වේ. 4. අකුරණ සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට 25ක් අත්අඩංගුවට: ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන බල සේනාංකය ඊයේ දවස පුරා අකුරණ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය. 5. MTV/MBC එළිදැක්වූ පළමුව රටයි ශ්‍රී ලංකා ගීතය: ව්‍යසනයක් පවතින මොහොතක රටේ සැම එක්ව කටයුතු කිරීමේ වැදගත්කම විදහා දක්වමින් එම්ටීවී / එම්බීසී මාධ්‍ය ජාලය ප්‍රතිනිර්මාණය කළ - පළමුව රටයි ගීතය - ඊයේ එළිදැක්විණ.

විදෙස් පුවත්

6. ඔටුන්න හිමි නරුහිතෝ කුමරු වැඩ භාර ගනී: ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු ඊයේ වැඩ භාර ගත්තේ ය