දියමන්ති කොල්ලය: තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඇරැව්වල දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 02-05-2019 | 11:41 AM

COLOMBO (News 1st) - මහරගම, ඇරැව්වල ප්‍රදේශයේදී දියමන්තියක් සහ මැණිකක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීපේ ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි. කොල්ලකන ලද දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500 ක් වන අතර මැණික් ගල රුපියල් කෝටි 200 ක වටිනාකමකින් යුක්ත වේ. පාදුක්කේ පදිංචි 28 හැවිරිදි සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ අදාළ දියමන්තිය සහ මැණික කොල්ල කා විදේශිකයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙනි.