MTV/MBC එළිදැක්වූ පළමුව රටයි ශ්‍රී ලංකා ගීතය

MTV/MBC එළිදැක්වූ පළමුව රටයි ශ්‍රී ලංකා ගීතය

by Staff writer 01-05-2019 | 10:45 PM
COLOMBO (News 1st) : ව්‍යසනයක් පවතින මොහොතක රටේ සැම එක්ව කටයුතු කිරීමේ වැදගත්කම විදහා දක්වමින් එම්ටීවී / එම්බීසී මාධ්‍ය ජාලය ප්‍රතිනිර්මාණය කළ -පළමුව රටයි ගීතය - අද එළිදැක්විණ. ජාතීන් වශයෙන් වෙන් නොවී එකමුතුව එක්සත්ව කටයුතු කිරීමේ අරමුණ පෙරදැරි කරගත් මෙම ගීතය භාෂා තුනෙන්ම ගායනා කෙරෙන්නකි. නිවුස් ෆස්ට් උපදේශක සිඩ්නි චන්ද්‍රෙස්කර මහතා සිංහල භාෂාවෙනුත්, ශක්ති ටීවී කළමනාකරු අයියතුරෛ ගජමුගන් මහතා දෙමළ භාෂාවෙනුත් රචනා කර ඇති මේ ගීතය ඉංග්‍රීසී භාෂාවට නැගුවේ සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා විසිනි. නව පරපුරේ ශිල්පී අශාන් ප්‍රනාන්දු ඊට සංගීත ප්‍රතිනිර්මාණයෙන් දායක විය. මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ හඬින් රස ගැන්වෙන මෙම ගීතය ගායනයට සිරස සුපර්ස්ටාර්ස් ශිල්පීහු මෙන්ම සිරස ජුනියර් සුපර් ස්ටාර්ස් ශිල්පීහු ද එක්ව සිටියහ. පළමුව රටයි ගීතය යු-ටියුබ් වෙතට ද ඇතුළත් කර තිබේ. https://www.youtube.com/watch?v=VUso1QZCJcM